'සමහරුන් හොර රහසේ හමුවෙද්දී ..ප්‍රසිද්ධියේ හමුවීම ගැන චෝදනා.. 'සමහරුන් හොර රහසේ හමුවෙද්දී ..ප්‍රසිද්ධියේ හමුවීම ගැන චෝදනා..
Jun 15, 2017

මහින්දව 'ප්‍රසිද්ධියේ' හමුවූ අරුන්දිකට බාල්දියක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වරෙන්තු ලබා සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන් ජපානයේදී ප්‍රසිද්ධියේ හමුවී, ඊට අදාල ජායාරුප ප්‍රසිද්ධ නිකුත් කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් කරුණු විමසීමට ආණ්ඩුව තීරණය කොට ඇත.

පෙරේදා (13දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කොට එම තීරණය ගත් බව එම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවැසීය.

වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා අධිකරණය විසින් ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත්කර ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ජපානයේදී හමුවීම සම්බන්ධයෙන් ජාතික රුපවාහිනිය පෙරේදා (13) රාත්‍රී පුවත් විකාශය තුලින් නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා බරපතල ලෙස විවේචනය කර තිබිණ.

අනතුරුව අරුන්දික ප්‍රනාන්දු මහතා එම රුපවාහිනි වැඩසටහන සම්බන්ධයෙන් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාට හා ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතාට පැමිණිලි කර තිබේ.

සබැඳි පුවත් :
අරුන්දික, උදයංග සමග එක්වී අධිකරණයට අපහාස කරලා ! (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top