Jun 16, 2017

සංහිඳියාව දැනෙන ඡායාවලට ‘අපේක්ෂා’ වේ වටිනාකම !

ශ්‍රී ‍ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් දූත කාර්යාලය හා එක්ව එළඹෙන සැප්තැම්බර් මාසයේදී 'අපේක්ෂා' නමින් විශේෂ ජායාරූප තරගාවලියක් පැවැත්වීමට නියමිත බව ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ මොහොමඩ් හිශාම් මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ පිළිබදව සදහන් කළේ අද (16) ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ශ්‍රී ‍ලංකාව නිදහස ලබා 70 වසරක් ගෙවී යන මොහොතේ සාධාරණ හා සමානාත්මතාවයෙන් යුත් සමාජයක් සදහා සංහිදියාව යනුවෙන් තමන් අදහස් කරන්නේ කුමක්ද යන්න ජායාරූපයකට හසුකරගෙන ඒ හරහා තම අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට වේදිකාවක් නිර්මාණය කරදීම මෙම තරගාවලියේ අරමුණ බවයි.

ඒ අනුව ආධුනික හා ප්‍රවීණ යන කාණ්ඩ දෙක ඔස්සේ 'සංහිදියා යනු' යන මාතෘකාව යටතේ ජායාරූප රැගෙන ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බවද හිශාම් මහතා කීය.

තමන්ගේ නිදහස් චින්තනය උපරිමයෙන් යොදවා ස්මාට් ෆෝන් ඔස්සේ හෝ ලබා ගන්නා ජායාරූප මේ තරගාවලියට ඉදිරිපත් කිරීමට හැකිවීම විශේෂ සිද්ධියකි.

නිර්මාණ ඉදිරිපත් කිරීමේදී නිර්මාණයේ පැහැදිලිතාව උපරිම පැහැදිලිතාවයෙන් හා ජායාරූපයේ මුල් ස්වරූපයට හානියක් නොවන පරිදි ඉදිරිපත් කළ යුතු බව එහි සංවිධායකයෝ කියති.

නිර්මාණයේ ධාරිතාව මෙගා බයිට් 25ට අඩුවිය යුතු බවත්, ජායාරූප ශිල්පියාගේ නම, ජායාරූපය ගනු ලැබූ ස්ථානය සදහන් කළ යුතු බවද පවසන සංවිධායකයෝ අවශ්‍ය නම් ජායාරූපය වෙනුවෙන් යම් තේමාවක් ලබා දීමට හැකියාව පවතින බවද කියති.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය වෙත අගෝස්තු මස අඟ දක්වා මේ සඳහා ඡායාරූප යොමුකළ හැකි අතර, මේ පිළිබදව වැඩිදුර තොරතුරු පුවත්පත් හා www.facebook.com/ONURgovlk වෙත පිවිසීමෙන්ද ලබා ගත හැකිය.

19145997 1441951482560881 5326885370878794577 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top