Jun 17, 2017

මංගල දකුණු කොරියාවේ ජේජූ දූපතේ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (16) දකුණු කොරියාවේ ජේජූ දූපතේ (Jeju Islands) පැවැත්වෙන ආසියානු යටිතල පහසුම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank (AIIB) හි වාර්ෂික රැස්වීමට සහභාගිවීමට නියමිතය.

එම බැංකුවේ දෙවැනි වාර්ෂික රැස්වීම මෙය වන අතර, එම රැස්වීම ආසියානු යටිතල පහසුම් ආයෝජන බැංකුව හා දකුණු කොරියානු රජය එක්ව සංවිධානය කරනු ලබයි.

එහිදී ආසියානු යටිතල පහසුකම් සැපයීමේදී මූල්‍ය ආයෝජන සිදුකිරීමට ප්‍රමුඛත්වය දියයුතු අංශ පිළිබඳව පැවැත්වෙන වටමේ සාකච්ඡාවකට ද ඒ මහතා සහභාගිවීමට නියමිත බව පැවසේ.

මේ සංචාරය අතරතුර ඉන්දියානු මුදල් අමාත්‍ය අරුන් ජට්ලි හා ඉන්දුනීසියානු මුදල් අමාත්‍ය ශ්‍රී මුලයානි ඉන්ද්‍රාවතී යන දෙදෙනා සමඟ ද සමරවීර මහතා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙවර රැස්වීම "තිරසර යටිතල පහසුකම්" (Sustainable Infrastructure) යන මාතෘකාව යටතේ පැවැත්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top