Sathosa

Jun 18, 2017

"කසල එකතු කරන්න හමුදාව යොදවන්නේ නැහැ"

කසල කළමණාකරණ වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ලබා ගැණුනද කිසිසේත් ඔවුන් කසල එක්රැස් කිරීමේ කටයුතු සඳහා යොමු නොකරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ දෛනිකව කසල වැඩි වශයෙන් එක්රැස්වන ස්ථාන පිළිබඳව පළාත් පාලන ආයතන දැනුවත් කිරීම පමණක් යුද හමුදා සාමාජිකයන් මගින් සිදුවන බවයි.

ඒ සඳහා කොළඹ නගරය ආශ්‍රීතව යුද හමුදා භට කණ්ඩායම් යොදවා ඇත.

නීතිවිරෝධීව කසල බැහැර කරනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ද විවිධ ස්ථානවලට යොදවා ඇති බව වාර්තා වේ.

එම නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබාදීමද යුද හමුදා භට කණ්ඩායම් විසින් සිදුකරනු ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඇමති රාජිතගේ යෝජනාවක් ?

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේබව සඳහන් කලේ කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාරයක් වශයෙනි.

ත්‍රීවිධ හමුදාව යොදවා කැලිකසල ඉවත් කිරීමට තමා ජනාධිපතිවරයාට යෝජනා කල බව අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශකර තිබිණ.


සබැඳි පුවත්

කසල කළමනාකරණයට හමුදා සහය

වීඩියෝ


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top