Jun 22, 2017

ලක්ෂාන් ඩයස්ගේ නීතිඥ පට්‌ටම ගලවන වැඩ ඇරැඹේ Featured

පසුගිය කාලයේ දේවස්‌ථාන 166 කට පහර දී ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්‌ සිදුකළ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාගේ නීතිඥ තනතුර ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශ උසස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

මෙම ප්‍රකාශ කළ නීතිඥයා එය පැය 24 ක්‌ ඇතුළත නිවැරැදි කර සමාව නොගන්නේ නම් ඔහුගෙන් නීතිඥ වෘත්තිය ඉවත් කිරීමට කටයුතු කරන බවට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා සිදුකළ ප්‍රකාශයට අනුව අමාත්‍යාංශය එසේ කටයුතු කරමින් සිටින බව හෙතෙම කීය.

ඒ අනුව අදාළ නීතිඥවරයාට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ නීතිපතිවරයා ගේ උපදෙස්‌ ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන මේ වන විට සකස්‌ කරමින් සිටින බවද එම නිලධාරියා පැවැසීය.

Wijedasa 670px 22 06 17

''ලක්ෂාන් ඩයස් නීතිඥ වෘත්තියෙන් පහ කිරීමට පියවර ගන්නවා''

නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පැය 24ක් තුල ජාතියෙන් සමාව නොගත්තහොත් ඔහුව නීතීඥකමෙන් පන්නා දමන බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, කිලිනොච්චියේ මාන්කුලම් ප්‍රදේශයේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පසුගිය 17දා පැවසිය.

කෙසේවුවද, මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී ජාතිවාදී ප්‍රහාර වලට වගකිවයුත්තන් අත් අඩංගුවට ගැනීම වෙනුවට එම තොරතුරු හෙළිදරව් කරන්නන් දඩයම් කිරීමට රජයේ ඉහලම බලධාරීන් පියවර ගනිමින් සිටීම ආගමික සංවිධාන, සිවිල් සමාජ සංවිධාන සහ වාමාංශික නායකයන් විසින් හෙලා දැක තිබේ.

සබැඳි පුවත් :

ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර : ජනපති හා අධිකරණ ඇමැතිට දොස් (වීඩියෝ)

ආගමික ස්ථාන 190 කට පහරදුන් බවකී ලක්ෂාන්ගේ කථාව

'ලක්‍ෂාන් ඩයස් නීතීඥකමෙන් පන්නනවා' - අධිකරණ ඇමති (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top