Jun 22, 2017

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය : සංශෝධනය සම්මතයි

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) සම්මත විය.

යම් පුද්ගලයෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙම කාර්යාලයට පැමිණිල්ලක් ලැබීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශන අවසන් වන තෙක් අදාළ පුද්ගලයා දක්නට නොමැති බවට සහතිකයක් නිකුත් කිරීම මෙම කාර්යාලයේ වගකීමක් වේ.

තමන් පිළිබඳ හෙළි නොකරන ලෙස යම් අයෙක් ඉල්ලීමක් සිදු කළහොත් එලෙස හෙළිදරව් නොකිරීමේ හිමිකම එම කාර්යාලයට තිබෙන බව ද මෙම පනතේ දැක්වේ.

එසේම, කිසිවකුට දඬුවම්දීමේ බලයක් මෙම කාර්යාලයට නොමැති අතර, මෙහිදී දෙනු ලබන සාක්ෂියක් වෙනත් අධිකරණ නඩු විභාගයකදී යොදා ගැනීමට වලක්වා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top