Jun 22, 2017

බිම් බෝම්බ දොලොස් ලක්ෂයක් ඉවත්කර අවසන් Featured

වර්ෂ 2020 වන විට ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව පුනුරුත්තාපන හා නැවත පදිංචිකිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර පළාත් වල තවත් වර්ග කිලෝමීටර 26 ක බිම් ‍බෝම්බ ඉවත් කිරීමට නියමිත බවයි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ආපදා නොමැති දිස්ත්‍රික්කයක් බවට ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඩී.එම් ස්වාමිනාදන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

යුධ සමයේ මෙරට වල දමා තිබූ බිම් බෝම්බ වලින් දොලොස් ලක්ෂ 76,898ක් මේ වන විට ඉවත් කර ඇත.

බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා රජය මිලියන 4000ක් වැය කර ඇති අතර විදෙස් ආයතන මිලියන 10,000ක් වැය කර ඇති බව වාර්තා වෙයි.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා අමෙරිකාව, ජපානය, කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නොර්වේ, ජර්මනිය, ස්විට්සර්ලන්තය, චීනය සහ රුසියාව යන රටවල් සහය පළ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top