Sathosa

''මෙම වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්'' ''මෙම වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්''
Jun 23, 2017

''කුපිතවූ ජනතාව පිළිතුරු දෙවි'' - රාජිතගෙන් අනතුරු ඇඟවීමක් Featured

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙරේදා (21) සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදුණු සරසවි හා වෛද්‍ය සිසුන්ට පහර දීමට එරෙහිව ඊයේ සිට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය දේශපාලන අරමුණකින් සිදු කරන ලද්දක්‌ බව පවසන සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, මෙම වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානමින් සිටින බවත් කියා සිටියි.

ඇමතිවරයා මේබව සඳහන් කලේ, ඊයේ (22) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඩෙංගු රෝගය පැතිර යන සමයක වර්ජනය කරන මොවුන් වෛද්‍යවරුන් නොවන බවත් ජනතාවද මේ සම්බන්ධව කුපිතව සිටින බවත් කී ඇමැතිවරයා මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනතාව නිසි පිළිතුරු සපයනු ඇතැයි සඳහන් කළේය.

ඩෙංගු මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව වෛද්‍යවරුන්ට ගැටලුවක්‌ ඇතිනම් එහි වගකීමද ඔවුන් භාර ගත යුතු බව හෙතෙම සඳහන් කළේය.

අඛණ්‌ඩ වෛද්‍ය වර්ජනයක්‌!

attack

නිර්ලඡ්ජිත ලෙස මහජන මතය යටපත් කරමින් ....

බලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම හා වගකීම් විරහිත ක්‍රියාකලාපයට විරෝධය පා ඊයේ (22) ආරම්භ කළ වැඩ වර්ජනය සයිටම් ජනසතු කරන තෙක්‌ අඛණ්‌ඩ වර්ජනයක්‌ දක්‌වා දීර්ඝ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඊයේ දහවල් පැවති එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී මෙම තීරණය ගත් බව එහි ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය නිසා රෝගීන්ට සිදුවන අවම බලපෑමේ වගකීම බලධාරීන් භාරගත යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය.

හදිසි ප්‍රතිකාර සේවා අඛණ්‌ඩව:

වර්ජනය ක්‍රියාත්මක වන කාලසීමාවේ සියලු රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු අඛණ්‌ඩව ක්‍රියාත්මක කෙරෙන බවද මාතෘ රෝහල්වල, ළමා රෝහලේ, පිළිකා රෝහලේ මෙන්ම වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

වැඩ වර්ජනය පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයා තවදුරටත් පම්පෝරි දොඩවන්නේ නම් සියලුම අංශවල වර්ජන දියත් කරන බව හෙතෙම කීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top