Jun 23, 2017

5 න් පහළ සිසුන්ට මහජන ගැලරිය තහනම්

පාර්ලිමේන්තු රැස්විම් පැවැත්වෙන අතර තුර පහ ශ්‍රේණියෙන් පහළ ශ්‍රේණිවල පාසල් දරුවන්ට මහජන ගැලරියට ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්තා වේ.

සභා රැස්වීමේ කටයුතුවලට බාධා ඇතිවීම වැලැක්වීම සහ පහෙන් පහළ ශ්‍රේණිවල දරුවන්ට පාර්ලිමේන්තුවේ සිදුවන කටයුතු පිළිබඳ හරි ආකාරයේ දැනුමක් නොමැති තත්වය මත මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් රැස්වීම් නොමැති අවස්ථාවල පහ ශ්‍රේණියෙන් පහළ දරුවන්ට මහජන ගැලරියට පැමිණිය හැකි බවද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top