මීට මාස 8කට පෙර ආරම්භ කළ හිඟුරාන සීනි කම්හලේ එතනෝල් නිෂ්පාදනයට තවම බලපත්‍ර ලබා නොදීමට එරෙහිව මැදිහත්ව සිටින්නේ ඇමැති රවී කරුණානායක මහතා බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
බලපත්‍ර ලබා නොදීම හේතුවෙන් දිනකට සිදුවන පාඩුව රුපියල් කෝටියක්
වැවිලි සමාගමක් සතුව පවතින එම සීනි කර්මාන්ත ශාලාවේ උක්වලින් සීනි ඇඹරීමේදී ලැබෙන මොලෑසස් මඟින් එතනෝල් පෙරීමේ ක්‍රියාවලියට බලපත්‍රය නොදීමෙන් දිනකට රුපියල් කෝටියක ආදායමක් අහිමිවන බවත් ජවිපෙ නායකයා පවසයි.
මන්ත්‍රිවරයා පැවැසුවේ පෞද්ගලික සීනි කම්හලකට බලපත්‍ර ලබාදීමත්, වැවිලි සමාගමට අයත් කම්හලකට බලපත්‍ර ලබා නොදීමත් අතර බරපතළ සැකයක් මතුවන බවයි.
හිටපු මහ බැංකු අධිපතිගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට අනුබද්ධව ඉදිකළ අම්පාර මත්පැන් නිෂ්පාදනාගාරයට ඉහත කී එතනෝල් අඩු මිලට ලබාදීමේ ක්‍රියාවලියක් මේ පිටුපස ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
විගණකාධිපති කිවත් වැඩක් වෙලා නැහැ :
හිඟුරාන සීනි කර්මාන්තායතනය අපේක්ෂා කළ පරිදි එතනෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සුරාබදු සහතිකය නිකුත් කර නොමැති බැවින් එම සමාගමේ අලාභය දිනපතා වර්ධනය වෙමින් ඇති බවත් ඊට පිළියමක් ලෙස නොපමාව සුරාබදු සහතිකය ලබාගෙන එතනෝල් නිෂ්පාදනය ආරම්භ කළ යුතු බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව එම සමාගමට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය නිකුත් කර ඇත්තේ හිඟුරාන සීනි කර්මාන්තායතනයේ කළමනාකාරීත්වය දරන ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගමේ 2016 කාර්ය සාධන විගණනය සිදු කිරීමෙන් අනතුරුවය.
සබැඳි පුවත් :