Sathosa

Jun 25, 2017

''ලොතරැයි ගත්තේ දූෂණ නවත්වන්න'' -රවී

මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල දෙක විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගත්තේ ඒ තුළ සිදුවන වංචා දූෂණ නැවැත්වීමට බව ලොතරැයි හා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (25) මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තමන් මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරන කාලයේ එහි සිදුවූ දූෂණ වංචා අවම කිරීමට කටයුතු කළ බවත්, මේ හේතුවෙන් අලාභ ලැබූ ආයතනය රුපියල් මිලියන 300ක වාර්ෂික ලාභයක් ලැබූ බවද හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් එම ආයතන දෙක විධිමත්ව පවත්වා ගෙන යෑම සඳහා එම ආයතන දෙක තමන් යටතට ගත් බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ කිසිදු විරෝධයක් නොමැති බවත් එම මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top