OPEN

#

OPEN

#

Jun 27, 2017

තීරණාත්මක සාකච්ඡාවක් : සයිටම් සභාපති ජනපති හමුවෙයි Featured

මේ වන විට උද්ගතව ඇති සයිටම් ආයතනයේ අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක්‌ අද (27) පැවැත්වේ.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය නතර කිරීමට රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග නිසා එහි සිසුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත්, මේ තත්ත්වය හා තවත් තීරණාත්මක කරුණු කිහිපයක්‌ සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවන බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

සයිටම් විරෝධී රැල්ලට මුල්වී සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇතැම් උදවිය වෛද්‍ය වෘත්තිය සඳහා සිසුන් පිටරට යෑවීමේ ජාවාරම්වල යෙදී සිටින බවද සයිටම් නිසා ඔවුන්ට සිදුවෙන පාඩු නැවැත්වීමට විවිධ ක්‍රියා මාර්ග ගන්නා බවද සයිටම් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.


ජනපති දැනුවත් කිරීමට GMOA ද සැරසේ:


මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

සිය විධායක කමිටුව එම තීරණයට එළඹුණු බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේය.

තම සංගමය ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා සහ ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව පෙරේදා නිකුත් කළ නිවේදනයේ අඩංගු කරුණු අතර පරස්පරතාවක් ඇති බව ඔහු සඳහන් කළේය.


රජයේ ස්ථාවරය කැබිනට්ටුවට :


සයිටම් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුයේ, රජයේ ස්ථාවරත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රීකාවක් මගින් අද (27) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top