කිරි ගොවි කර්මාන්තයේ පවතින අර්බුද සම්බන්ධයෙන් වයඹ පළාත ඇතුළු පළාත් කිහිපයක කිරි ගොවි සංවිධාන නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කොට තිබේ.
"දැන් මෙයාලට තියෙන ප්රශ්නේ කිරි ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් හොයන එක නොවේ. දැන් තියෙන ප්රශ්නේ පෝය දවසට අරක්කු විකුණන්නේ කොහොමද කියන එක. මේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් පෝය දවසට අරක්කු විකුණන්න ඕනෙලු.
මම දැක්කා එක ඇමැතිවරයෙක් කියනවා එදාට කොහොම හරි තැබෑරුම් ටික අරින්න කියලා. ජනතාවට කිරි ටික බොන්න දෙන්න බැරි ආණ්ඩුව අරක්කු ටික වෙලාවට දෙන්න තීන්දු කරලා ඉවරයි. පුළුවන් තරම් බීලා වැටිලා ඉඳපල්ලා ගෙවල්වලට වෙලා කටවල් අරින්නේ නැතුව" යැයිද හිටපු ජනාධිපතිවරයා තවදුරටත් පැවැසීය.