Sathosa

අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි 20,000ක්.... අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි 20,000ක්....
Jun 28, 2017

'අතුරුදන් වූවන් පිළිබඳ වගකීම රජය භාරගත යුතුයි' Featured

අතුරුදන් වූවන් පිළිබඳ වගකීම රජය භාරගත යුතුව ඇති බව අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පැවසීය.

එසේම මේ ගැටලුවට රජය කඩිනමින් විසඳුමක් ලබාදිය යුතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ බව සඳහන් කළ ඒ මහතා කොමිසම අතුරු වාර්තාවක් පමණක් ආණ්ඩුවට භාරදුන් බවද ප්‍රකාශ කළේය.

පසුගිය රජය මඟින් සිය කොමිසම පත් කළ බව සඳහන් කළ ඒ මහතා, කොමිසමේ කටයුතු ස්වාධීනව සිදු කෙරුණු බවද එහෙත් අවසන් වාර්තාවක් ලබාදීමට පෙර කොමිසමේ කටයුතු පසුගිය වසරේ අගෝස්තු මාසයේ නතර කළ බවද සඳහන් කළේය.

140808104607 maxwell paranagama 512x288 bbc
මැක්ස්වෙල් පරණගම : ''අතුරුදන්වූවන් හා ඔවුන්ගේ ඥාතීන්ට සාධාරණයක් ඉෂ්ටවිය යුතුයි ..''

අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණිලි 20,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබේ.

එයින් පැමිණිලි 6,000ක් සඳහා වාචික සාක්ෂි සටහන් කර ගනු ලැබිණි. එයිනුත් පැමිණිලි 400ක් පරීක්ෂණ සඳහා යොමු කොට තිබුණු බවද පරණගම මහතා පැවැසුවේය.

පරණගම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව විසින් පිහිටුවීමට නියමිත අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් හෝ අතුරුදන් වූවන් හා ඔවුන්ගේ ඥාතීන්ට සාධාරණයක් ඉෂ්ට වනු ඇති බවට තමා අපේක්ෂා කරන බවයි.

(මව්බිම)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top