Jun 28, 2017

''උදයංගගේ ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කරන්න" - අගමැති

 මිග් යානා ගනුදෙනුවේදි  බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට චෝදනා ලැබ, අධිකරණයට කට්ටි පනිමින් විදේශගතව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ ගුවන් ගමන් බලපත්‍රය වහාම අහෝසි කිරීමට කටයුතු කලයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (27) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයා එබව සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් පැනනැගුන සංවාදයකදීය.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විදෙස්ගතවන සෑම අවස්ථාවකම උදයංග වීරතුංග මහතා ද විදෙස් හි සිට එම සංචාරයන්ට එක්වීමත්, රාජපක්ෂ මහතා එම සංචාරයන්හිදී නිල නොවන ආකාරයෙන් වරප්‍රසාද ලබා ගන්නා ආකාරයත් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී පැහැදිලි කර ඇත.


udayanga
වරෙන්තුකාර උදයංග සමඟ අරුන්දික ප්‍රනාන්දුට ද ගනුදෙනුවක් තිබුනේද ?

මේ අතර, වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා අධිකරණය විසින් ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත්කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව ජපානයේදී හමුවීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය  අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු මහතා අද (27) පෙරවරුවේ මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට (FCID) කැඳවා තිබිණ.

කෙසේවුවද, ජපානයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමතිවරයා ගෙන් කිසිඳු විමසීමක් නොකළ බව FCID ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

 ඇරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා සමග එකට පෙනී සිටින ජායාරුප කිහිපයක් උදයංග විරතුංග මහතාගේ මුහුණු පොතේ පසුගියදා ප්‍රකාශයට පත්කර තිබිණ.


සබැඳි පුවත් :

මහින්දගේ ජපන් සංචාරයෙන් ගංගානාත්ට කචල් ගොඩක් !

මහින්දව 'ප්‍රසිද්ධියේ' හමුවූ අරුන්දිකට බාල්දියක් !

අරුන්දික, උදයංග සමග එක්වී අධිකරණයට අපහාස කරලා ! (වීඩියෝ)

'මිග්' ගුවන් යානා ගනුදෙනුව : උදයංගගේ ගිණුම්වලට විදෙස් මුදල්

උදයංග මහින්දව ගොනාට අන්දලා

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top