Sathosa

Jun 30, 2017

'උමා ඔය - සයිටම් ආරම්භ කළේ පසුගිය රජයයි'

මහජන විරෝධතා මධ්‍යයේ පසුගිය රජය ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය, සයිටම් ආයතනය වැනි සිද්ධිවලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් රජයට බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මේ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතියට ශක්‍යතා වාර්තා කැඳවීමක් පවා සිදු නොකළ අතර එම ව්‍යාපෘතියට එරෙහිව පළාතේ මහජන නියෝජිතයන් එල්ලකළ විරෝධතා පවා පිළිනොගත් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා එහිදී පැවසීය.

අතිවිශාල මුදලක් වැයකරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අදවන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

වත්මන් රජයට වන්දි ගෙවන්න සිදුවෙලා :

Ajith 670px 30 06 17

''ගෝඨාට බය නිසා ජනතාවට එදා කිසිවක් කරගන්න බැරිව ගියා''

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ධුර කාලය අවසන් වීමට වසර දෙකක් තිබියදි ජනාධිපතිවරණය පැවැත්වූයේ ඉතිරි වසර දෙකත් ඔහු හිටියනම් මේ සියල්ලම එතුමා වෙත පැවරෙන නිසා බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පැවසිය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

''එතුමාගේ පාලන කාලය තුළ මේ රටේ අර්බුද රැසක් නිර්මාණය වුණා. ඒ අර්බුදවල බලපෑම අපගේ රජයටත් බලපා තිබෙනවා.

කොළඹ කුණු මීතොටමුල්ලට අරන් ගිහින් දැම්මා. ඒ මිනිස්සු එයට විරුද්ධ වුණා. ගෝඨාට බය නිසා ජනතාවට එදා කිසිවක් කරගන්න බැරිව ගියා.

උමා ඔය කාගෙ නිර්මාණයක්ද, මේක නිසා අද කී දාහක් විපතට පත්ව සිටිනවද, එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ සිටම මේ අය නිවැරදි ක්‍රමවේදයට කටයුතු කළේ නැහැ.

උමා ඔය සිද්ධියේ බලපෑම අපගේ රජයටත් තිබෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ආරම්භ කළ කිසිඳු ව්‍යාපෘතියක් අසාර්ථක වී නැහැ.

මහවැලි ව්‍යාපෘතිය එදා ආරම්භ කළා. නමුත් අදටවත් ඒ ව්‍යාපෘතියේ ගැටලු ඇතිවී නැහැ. අඩුම තරමේ මහවැලි ව්‍යාපෘතියේ ජල කාන්දුවක්වත් නැහැ. සයිටම් ආරම්භ කළේ කාගේ කාලේද? ඒකත් මහින්ද රාජපක්ෂ කාලේ ආරම්භ කළේ.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top