Jul 01, 2017

ජනාධිපති ලේකම් අස්වුනේ ඇයි ? නව ලේකම් ඔස්ටින් ! Featured

පුරප්පාඩු වී ඇති ජනාධිපති ලේකම් ධුරය සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කරනු ඇතැයි ආණ්ඩුවේ නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ප්‍රවීනතම මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා, කලක් ආරක්ෂක ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප ඉතා විශ්වාසවන්ත උපදේශකයකු ලෙස ද සැලකේ.

 ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ පී.බී අබේකෝන් මහතා ඊයේ (30) එම ධුරයෙන් ඉල්ලා අස් වු අතර ඒ පෞද්ගලික හේතුවක් මත ගත් තීරණයක් බව පවසමිනි.

තමාගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්න නිසා ඉල්ලා අස්වන බව ඔහු මාධ්‍යයට පවසා තිබේ.

සයිටම් ප්‍රශ්නය ?

කෙසේවුවද දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, පසුගියදා පැවති වැඩ වර්ජනය අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙකු හා ජනාධිපතිවරයා අතර සිදුවූ සාකච්ජාව හා ඉන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා විසින් එම වෛද්‍ය සංගමයට ලබාදී ඇති පොරොන්දු මෙම ඉල්ලා අස්වීම කෙරෙහි බලපෑ ඇති බවයි.

එහිදී ජනාධිපතිවරයා, පී.බී අබේකෝන් මහතාට තරයේ අවවාද කර තිබීම ඔහුගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

දැනට මාස කිහිපයකට පෙරදී ජනාධිපතිවරයා විසින් ඔහුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු බව ද පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top