Jul 01, 2017

''ඉදිරියේ දී ආහාර හිඟයක අවදානමක්'' - මහින්ද

වර්ෂාව නොලැබීම හේතුවෙන් මෙවර මහ කන්නය වී වගා කිරීම දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති සහ මහවැලි රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටී.

එබැවින් ජලය අවම වශයෙන් වැයවන වී වර්ග මෙන්ම බඩ ඉරිඟු, සෝයා බෝංචි, කව්පි වැනි ගොඩ භෝග වගා කිරීමට ගොවීන් දැනුවත් කරන ලෙස ඇමැතිවරයා මහවැලි නිලධාරීන් දැනුවත් කර ඇති අතර අධික ලෙස ජලය භාවිතා වන භෝග වර්ග වගා කිරීම නවතන ලෙසද දන්වා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top