Jul 01, 2017

සිසුන් විදෙස් අධ්‍යාපනයට යෑමෙන් බිලියන 132ක පාඩුවක්

විදේශ අධ්‍යාපනය සඳහා මෙරටින් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 132ක මුදලක් විදේශ රටවලට ඇදී යන බව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමැති සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී පෙරේදා (29) පැවැති සුවසේවා නව පත්වීම් ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

 වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබන අයගෙන් විශ්වවිද්‍යාලයට ඇතුළු කර ගන්නේ සියයට 17ක් පමණක් බව පෙන්වා දුන් ඇමැතිවරයා, විශ්වවිද්‍යාල‍යට දොර වැහෙන සියයට 83න් සියයට 3 කට යා ‍හැකි වෛද්‍ය විද්‍යාලයක් ඇත්නම් එය දියුණු කිරීම රජයේ වගකීම බවද කීය.

විදේශීය රටවලට ගලාගෙන යන මුදල් මෙරට රඳවා ගත හැක්කේ ඒ අනුව බවද ඇමැතිවරයා කීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top