Sathosa

Jul 02, 2017

''ක්‍රිකට් විනාශයි, තරග දිනන්න බඩ බාධාවක් නොවේ' - අර්ජුන

බඩ ලොකුවීම හා ක්‍රිකට් අතර ඇති සම්බන්ධය නැතැයි ඇමති අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි.

තමනට මෙන්ම දුලිප් මෙන්ඩිස්ටද ලොකු බඩක් තිබූ බවත් එය ලකුණු රැස් කරන්නට හෝ තරග දිනවන්නට බාධාවක් නොවූ බවද ඔහු සදහන් කරයි.

ලෝක කුසලානය ශ්‍රීලංකාවට දිනා දුන් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සතිඅග ලංකාදීප සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මෙසේද සඳහන් කර තිබේ.

බල්ලාගේ වැඩේ කරන්න ගිය බුරුවා ?

''මැච් පරදින එක ක්‍රිඩකයින්ගේ දක්ෂතාව අනුව අඩු වැඩි වෙන එක කොයි රටකත් තියෙන ප්‍රශ්නයක්, එවා කළමනාකරණය කරන්න ඕන, තමන්ට අදාළ ජොබ් එක කරලා මිස ක්‍රීඩා ඇමති ක්‍රිඩකයින්ගේ බඩ අඩු කරන්න යාමෙන් නොවෙයි, රවුම් පහක් දුවන්න අමාරු සමහරු දවස් එකහමාරක් බැට් කරනවා.

ෆිට්නස් කියන්නේ වෙන කාරණායක්, වෙනත් ක්‍රිඩාවලට වඩා ක්‍රිකට්වල ෆිට්නස් වෙනස් මේක තේරුම්ගන්න ඕන,

බල්ලගේ වැඩේ බුරුවා කරන්න පටන් ගත්තු නිසා තමයි මෙවා අද පටලාවගෙන තියෙන්නෙ, අද ක්‍රිකට්වලට මේ ඉරණම අත්වන්න ප්‍රධාන හේතු මේකයි. වැරදි පුද්ගලයෝ ක්‍රිකට්වලට රිංගපු එකෙන් ක්‍රිඩාව පල්ලම් බැහලා තියෙන්නෙ....

වෙන රටවල ක්‍රිඩකයෝ තමන්ගේ වැඩේ කරනවා.පාලකයෝ පරිපාලන කරනවා. පුහුණුකරුවේ ක්‍රිඩකයින්ට පුහුණුවීම කරනවා. අනුන්ගේ ජොබ් එක බදාගන්න යන්නෙ නැහැ ඒ අය,

ඒක නිසා මේ වගේ ප්‍රශ්න නැහැ ඒ රටවල්වල, මැච් දිනන පරදින එක ක්‍රිඩකයින්ගේ දක්ෂතා අඩු වැඩි වෙන එක කොයි රටවලත් තියෙන ප්‍රශ්නයක්” බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

සැලසුම් සහගතව සිදුවන දෙයක් :

තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කර තිබේ.

'' යහපාලන ආණ්ඩුව යටතේ හොද දේවල් වගේම නරක දේවලුත් සිදු වුනා, ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව එකක්, යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රිකට් ක්‍රිඩාව නම් විනාශ කරනවා කියලා මට කියන්න වෙනවා, මේක සැලසුම් සහගතව සිදුවන දෙයක් ද දන්නේ නැහැ ''



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top