Jul 02, 2017

අරවින්ද සිල්වා 28දා ප්‍රංශ ක්‍රිකට් තරගයක

ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත.

එබැවින් ප්‍රංශයේදී ක්‍රිකට් ගැන කතාවක් තියා ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍රිඩා සඟරා හා පුවත් පත් අතර ඉදිරියෙන්ම සිටින ප්‍රංශයේ මුද්‍රිත 'ලෙ එකිප්' ක්‍රීඩා පුවත් පත හෝ කෙදිනකවත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන සඳහනක් යොදනවා දශක තුනකට ආසන්නව ප්‍රංශයේ ජීවත් වන මටද දැක ගැනීමට නොලැබුනෙමි.

ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රංශය තුල ඇත්තේ එවැනි පිලිගැනීමකි.

එවැනි පරිසරයක ප්‍රංශයට ක්‍රිකට් හඳුනා දීමට මුල් වූයේ ශ්‍රී ලාංකිකයෝ යැයි හැදින්වීම අතිශෝක්තියක් නොවන්නේය.

මීට දශක තුනකට පමණ පෙර සිට ප්‍රංශයට පැමිණි ලාංකිකයෝ ක්‍රිකට් ක්‍රිඩාව ඇරඹීමට කටයුතු කලෝය.

ඒ අනුව ආරම්භයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් කන්ඩායම් කිහිපයකින් ක්‍රිකට් ශූරතා තරඟා වලියක් ආරම්භ කල අතර මේවන විට ශ්‍රී ලාංකික, ඉන්දියානු, පකිස්ථානු, බංගලාදේශය ආදී රටවල ක්‍රිකට් ක්‍රිඩාවට ආදරය කරන පිරිස් විසින් ගොඩ නැගූ කන්ඩායම් කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රංශය තුල ප්‍රචලිත කිරීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දී සිටී.

යුරෝපයට ගිම්හාණය ලඟා වෙත්ම ඉහත ජාතිකයන්ට අයත් කන්ඩායම් ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදෙති.

ජුලි මස 09 වෙනි ඉරුදින :

මෙවැනි පරිසරයක ලෝක ශූරතාවය හිමි කරගත් ශ්‍රී ලාංකික සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සහභාගි වන සය සමාජික ක්‍රිකට් තරඟා වලියක් ජුලි මස 09 වෙනි ඉරුදින පැරීසියට නුදුරින් පිහිටි බගතලේ ක්‍රීඩාංගනයේදී ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්වේ.

මෙම තරඟාවලිය පැරීසියේ ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන්නේය.


(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

පරසය කරකට ශරතවය

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top