ඔහු එම තනතුරෙන් ඉවත් වී ඇතැයි මාධ්‍ය කිහිපයක පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' අද (04) උදෑසන කල විමසීමකදී හෙට්ටිආරච්චි මහතා ඒබව සඳහන් කළේය.
ඔහුට අද සිට ජනාධිපති කාර්යාලයට වාර්තා කරන ලෙස දැනුම්දීමක් ලැබී ඇතැයි පලවන වාර්තා ගැන විමසීමේදී හෙට්ටිආරච්චි මහතා පැවසුයේ, මෙතෙක් එවැනි වගක් තමන් නොදන්නා බවයි.
තමා ඉල්ලා අස් වී ඇතැයි පලවන වාර්තා අසත්‍ය බවත්, ඊයේ දිනයේද කාර්යාලයට පැමිණි බවත් තමා එම තනතුරින් ඉවත් කිරීමක් ගැන මෙතෙක් නොදන්නා බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කීවේය.
ජනාධිපතිවරයා හා කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පාසැල් වියේ සිටම ගජ මිතුරන් බව පැවසේ.
කෙසේවුවද, නව ආරක්ෂක ලේකම්වරයා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වන කපිල වෛද්‍යරත්න මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තා කර ඇත.