Sathosa

''සැඟවීමට කිසිවක් නැහැ, ආත්ම ගෞරවය සියල්ලටම වඩා වටිනවා '' ''සැඟවීමට කිසිවක් නැහැ, ආත්ම ගෞරවය සියල්ලටම වඩා වටිනවා ''
Jul 06, 2017

''ඇමතිකම වෙනස් කලත් වගකීම ඉටුකරනවා'' - සාගල Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදීමෙන් පවරන ලද වගකීම සියයට සියයක් එහා ඉටුකර ඇති බවත් එම තමන්ගේ වගකීම බවත්, කෙසේ වුවද එම වගකීම වෙනස්කර වෙනත් වගකීමක් පවරනු ලැබුවද එයද සියයට සියකින් ඉටුකරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ඔහු එබව කියා සිටියේ, අද (06) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කල විමසිම්කදිය.

නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලට ස්වාධීනව සිය වැඩකටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදී ඇති බවත්,තමන් ඒ සඳහා කිසිදු විටක බලපෑම් නොකරන බවත් අමාත්‍ය සාගල රත්නායක මහතා එහිදී අවධාරණය කළේය.

පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමේදී රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබදව ගැටළු පවතින බවට ජනාධිපතිවරයා කල චෝදනාව සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් දිගින් දිගටම කරුණු විමසා සිටියේ ය.

කැබිනට් මණ්ඩලයේ කතාකරන කරුණු මාධ්‍ය සමග කතා කිරීමට කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙකු පත්කර ඇති බවත්, ඒ පිළිබද කතා කිරීමට ඔවුන්ට බාරකරන බවද අමාත්‍යවරයා එහිදී පැවසිය.

ලබන ජූලි 11 වනදා සිට 13 වනදා දක්වා කොළඹදී පැවැත්වෙන සාර්ක් රටවල නීතිය හා සාමය (අභ්‍යන්තර කටයුතු/ ස්වදේශ කටයුතු) පිළිබද අමාත්‍යවරුන්ගේ රැස්වීම පිළිබද දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.


නීතිය කඩකිරීමට අකමැතියි :

CAA 3444මම නීතියට අනුව හැඳුනු වැදුණු අයෙක් ..

මාධ්‍යවේදීන් වැඩිදුරටත් අසන ලද ප්‍රශ්න හමුවේ අමාත්‍යවරයා කියා සිටියේ තමන් නීතියට අනුව හැඳුනු වැදුණු අයෙකු බවත් නීතිය කඩකිරීමට අකමැති බවත්ය.

ස්වාධීනව කටයුතු කිරීම රජය එම ආයතනවලින් බලාපොරොත්තු වී ඇති කාරණයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේ සිදුවන කටයුතු පසුවිපරම් කිරීමට මීට වඩා ක්‍රමවේදයක් අවශ්‍ය නම් ඊටද වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් ප්‍රශ්නකර සිටියේ වැරදි කරන පුද්ගලයින් ඇල්ලීම පිළිබද අමාත්‍යවරයාගේ අදහස කෙබඳුද යන්නය.

'ආත්ම ගරුත්වය සියල්ලටම වඩා වටිනවා'

එහිදී කරුණු පැහැදිලි කල අමාත්‍යවරයා කියා සිටියේ, මේ රටේ අමාත්‍යවරුන් පත්කරනුයේ ජනපති හා අගමැතිවරයාගේ එකඟතාවයෙන් ජනපති බවත්, තමන් ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම්දුන් අයෙකු බවත්, අමාත්‍යධුරයක් ලැබීම තමන්ගේ අයිතිවාසිකමක් නොවන අතර පාර්ලිමේන්තුවට ජනතා ජන්දයෙන් පත්වීම මත පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය තමන්ගේ අයිතිවාසිකමක් වන බවත්ය.

මාධ්‍යවේදීන් පසුගිය කැබිනට් රැස්වීමේ කතාවූ කරුණු පිළිබද දිගින් දිගටම අමාත්‍යවරයාගෙන් විමසීමේදී කියා සිටියේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවසරයක් ඇතිව වෙනත් මාධ්‍ය සාකච්ජාවක් කැඳවා එම කරුණු සඳහා පිළිතුරු ලබාදිය හැකි බවයි.

තමන්ට සැඟවීමට කිසිවක් නොමැති බවත් තමන්ගේ ආත්ම ගරුත්වය සියල්ලටම වඩා වටිනා බවද අමාත්‍යවරයා අවධාරණයකර සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top