Jul 06, 2017

''නව ව්‍යවස්ථාවක් ගේනවානම් සංඝරත්නය දැනුවත් කරනවා'' Featured

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේ නම්, ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේද අදහස් සහ යෝජනා ලබාගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ, මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සමග අද (06දා) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති හමුවකදීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කිසිදු අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් අද රට තුළ මතුව තිබුණද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේ නම්, එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බවද සඳහන් කළේය.

රටේ දේශපාලන, සමාජ, ආර්ථික හා ආගමික කරුණු රැසක් පිළිබඳව ද මෙම හමුවේදී මහා සංඝරත්නය සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර ඊට අදාළ යෝජනාවලියක් ද ජනාධිපතිට වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top