Sathosa

''ඩෙංගු උවදුර මැඬලීමට සියලු දෙනා එක්විය යුතුයි'' - මහින්ද ''ඩෙංගු උවදුර මැඬලීමට සියලු දෙනා එක්විය යුතුයි'' - මහින්ද
Jul 10, 2017

''ඩෙංගු උවදුර මැඬලීමට සියලු දෙනා එක්විය යුතුයි'' - මහින්ද Featured

ඩෙංගු උවදුර රට පුරාම තදින්ම පැතිරී යන මෙවන් මොහොතක, එම උවදුර මැඬලීම සඳහා දේශපාලන බේදයෙන් තොරව සියලු තරාතිරමේ ජනතාව අද පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියි.

උතුරු නැගෙනහිර පැවැති බිහිසුණු යුද්ධයෙන් තමා මේ රටේ ජනතාව බේරාගත් නමුත් ඩෙංගු උවදුරෙන් ජනතාව බේරා ගැනීමට නොහැකිවීම ගැන තමා කනගාටු වන බව ද ඔහු 'දිවයින' පුවත්පතට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබේ.

රටේ සිදුවන සෑම ප්‍රශ්නයක්‌ම අද තමාගේ නමට බැර කරන අතර ඩෙංගු උවදුරත් කොයි මොහොතක හෝ තමා වෙත එල්ල කිරීමට හැකි බවද හෙතෙම සඳහන් කර තිබේ.

ඩෙංගු මදුරු ඝනත්වය ඉහළට

මේ අතර, සෞඛ්‍ය අංශ පවසන්නේ, යළිත් ඇදහැලෙන කඩින්කඩ වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු ඝනත්වය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටත්ය.

එසේ වුවහොත් මීටත් වඩා වැඩි ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ද සෞඛ්‍ය අංශ කියා සිටී.

එම නිසා ඩෙංගු මර්දනය පෞද්ගලික වගකීමක්‌ ලෙස භාරගෙන ක්‍රියා කිරීම කාගේත් යුතුකමක්‌ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වන විටත් අංගොඩ උණ රෝහල, කොළඹ, කළුබෝවිල, මීගමුව, ජයවර්ධනපුර ඇතුළු රෝහල් ද ඩෙංගු රෝගීන්ගෙන් පිරීගොස්‌ තිබේ.

ඩෙංගු රෝගීන් 80,000 ක් :

මේ වන විට දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 80,000 කට අධික සංඛ්‍යාවක්‌ වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුසිලා සමරවීර මහත්මිය පැවසුවාය.

එසේම මෙම වසරේ මේ දක්‌වා කාලය තුළ ඩෙංගු මරණ සංඛ්‍යාව 240 දක්‌වා ඉහළ නැග තිබේ.

කොළඹ, කළුතර, ගම්පහ, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදී දිස්‌ත්‍රික්‌ක රැසක තවදුරටත් ඩෙංගු උණ තදින් පැතිර යමින් තිබෙන බව ද සෞඛ්‍ය අංශ කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top