Sathosa

Jul 10, 2017

''මාධ්‍ය නිදහස සීමා කිරීමට කටයුතු කරන්නේ නෑ'' - ගයන්ත

විද්‍යුත් මාධ්‍යවල ප්‍රමිතිය හා ගුණාත්මක බව වර්ධනය කිරීමට ස්වාධීන නියාමන කොමිසමක් පත් කිරීම විනා මාධ්‍යවේදීන් සිරගත කිරීම, දඩ ගැසීම, මාධ්‍ය නිදහස සීමා කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කිසිවිටෙකත් කටයුතු නොකරන බව සම කැබිනට් ප්‍රකාශක,  ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කරයි.

මාධ්‍ය නිදහස පිළිබඳව කළු පැල්ලමක් තිබූ පසුබිමක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූ රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කළ අවධියේදී ඕනෑවටත් වඩා මාධ්‍ය නිදහස තහවුරු කළ බව සඳහන් කරන අමාත්‍යවරයා, මෙම ස්වාධීන නියාමන කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට පෙර මාධ්‍ය කේෂ්ත්‍රයේ සියලුම අංශවලින් අදහස් ලබාගන්නා බවද ප්‍රකාශ කරයි.

එමෙන්ම ජනමාධ්‍ය පිළිබඳ හොඳ අත්දැකීම් හා පළපුරුද්දක් ඇති වත්මන් ජනමාධ්‍ය ඇමැතිවරයා අතින් මාධ්‍ය නිදහස සීමා කෙරෙන කිසිදු කටයුත්තක් සිදු නොකරන බව අමාත්‍යවරයා සඳහන් කළේ සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේදී ඊයේ (9දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top