Sathosa

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ අබලි යකඩ කපා ඉවත් කර ගැනීම ගැන ප්‍රශ්න කිරීමට .. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ අබලි යකඩ කපා ඉවත් කර ගැනීම ගැන ප්‍රශ්න කිරීමට ..
Jul 10, 2017

''මට සමාවක් අවශ්‍ය නැහැ'' - ගෝඨාභය

ඇතැම් දේශපාලනඥයින් රාජපක්ෂවරුන්ට සමාවක් දිය යුතු බව පැවසුවත් තමන්ට එසේ කිසිදු සමාවක් අවශ්‍ය නොවන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තමන් දූෂණ, වංචාවකට සම්බන්ධ නම්, එහි සත්‍යතාව ඔප්පු කර පෙන්වන ලෙස ඔහු රජයට අභියෝගකර සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) බරපතල චංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු පිටතට පැමිණ මාධ්‍යවේදීන් හමුවේ එබව සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා අද ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේ 2014 වසරේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ අබලි යකඩ හමුදා නිළධාරින් විසින් කපා ඉවත් කිරීම නිසා සිදු වී ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතාවය පිළිබඳ සිදුකෙරෙන පරික්ෂණයට අදාළව දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මෙම පැමිණිල්ලට අදාලව ප්‍රකාශ ලබාදීම සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී ඔහු මෙම කොමිසම හමුවේ පෙනී සිට ඇත.

මෙම පරීක්ෂණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ප්‍රශ්න කර ඇත්තේ සිමෙන්ති කම්හලේ අබලි යකඩ කපා ඉවත් කිරිම සඳහා හමුදා නිළධාරින්ට ආරක්ෂක ආමාත්‍යංශයේ අනුමැතිය ලබා දී තිබේද යන්නයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top