Sathosa

'මාධ්‍ය සදාචාරයක් ඇති කිරීම සඳහා නීති සමූහයක් අවශ්‍යයි '' 'මාධ්‍ය සදාචාරයක් ඇති කිරීම සඳහා නීති සමූහයක් අවශ්‍යයි ''
Jul 12, 2017

''පත්තරේ විස්තරේට කියවන්නේ පත්තර කොලුවගේ මතය'' -රන්ජන්

ප්‍රජාතන්ත්‍රවාදී රටකට මාධ්‍ය වාරණයක් නොගැළපෙන නමුත් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීම සඳහා නීති සමූහයක් අවශ්‍ය බව තම පෞද්ගලික විශ්වාසය වන්නේ යැයි සමාජ සුබසාධන, සමාජ සවිබල ගැන්වීම් හා උඩරට සංවර්ධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් අමතමිනි.

රාමනායක මහතා මෙසේද කීවේය.

''උදේ පාන්දර පත්තරේ විස්තරේ බලද්දී තමුන්නාන්සේලා ලිව්ව දේ නෙවෙයිනේ කියවන්නේ. පත්තර කොලුවා කියන්නේ ඔහුගේ මතයයි. ඒක කියවලා වෙනම අර්ථකතනයක් දෙනවා. ඒක සමහර විට ආගම් ශාස්තෘවරුන්ට නිගරුවක් වෙන්න පුළුවනි. ජනතාව අතර ජාති භේද කෝලාහල ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වැරැදි විදියට මාධ්‍ය යොදා ගන්නා අවස්ථා තියෙනවා. එක එක චැනල්වල එක එක විදියට කියනවා.

මේ සියල්ල වෙන්නේ ඒ ඒ ආයතනයේ අයිතිකාරයාගේ රුචි අරුචිකම් හා ඔහුගේ පක්ෂය මතයි. ඒ අයට චෝදනා තියෙනවා නම් ඉන්නේ වෙනම මතයකයි.

Poddalajayantha

රාජපක්ෂලා වගේ මාධ්‍යවේදීන්ගේ අතපය කඩන්න නෙවෙයි

ඒ නිසා මාධ්‍ය නියාමනයක්, අවශ්‍යමයි කියා මම හිතනවා. මොකද ගිය සැරේ වගේ මාධ්‍යවේදීන් 34 දෙනෙක් ඝාතනය කරන්න නෙවෙයි. මාධ්‍යවේදීන්ගේ අතපය කඩන්න නෙවෙයි. පෝද්දල ජයන්ත, එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වගේ ගහන්න මරන්නත් නෙවෙයි.

යම්කිසි චාරයක්, සත්‍ය ප්‍රකාශ කිරීමක් සඳහා ඒ වගේ දෙයක් අවශ්‍යයි කියා මම හිතනවා. මේක රජයේ මතය නෙවෙයි. මගේ මතයයි. රන්ජන් රාමනායකගේ මතයයි.

ෆේස්බුක්වල මැරයෝ වීරයෝ කරනවා. පසුගිය දවස්වල කොණ්ඩයාගේ ප්‍රශ්නයේදී මාධ්‍ය හැසිරුණු විදිය බලන්න. ඊළඟට ජනාධිපතිවරණයට ඉල්ලනවාද පළාත් සභාවට පාර්ලිමේන්තුවට ඉල්ලනවාද කියලා ඇහුවා. ඒවා හොඳ දේවල් නෙවෙයි. මැරයන්ව, දූෂිතයන්ව මංකොල්ලකාරයන්ව, මිනීමරුවන්ව උස්සලා තියෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකෙ පොඩි වාරණයක් තියෙන්න ඕනෑ.

මුතුරාජවෙල සිද්ධියේදී අපි පෙනී හිටියේ වැරැදියි කියලා. මම ජෝන් අමරතුංග මහත්තයාගේ පැත්ත ගන්නේ නැහැ. ඒ කතා විලාසය වැරැදියි. තමුන්නාන්සේලාගේ හෘද සාක්කිය දන්නවා. ඒ මාධ්‍යවේදීන්ගේ තත්ත්වය.

බැඳුම්කර පත්තර :

පහුගිය කාලේ විමල් වීරවංශ මහත්තයාගෙන් වාහන ගත්තා. ඉන්ධන ගත්තා. ඒ වාගේ විකිණුනු මාධ්‍යවේදීන් ඉන්නවා.
බිලියන වංචාවට චෝදනා ලබපු බැඳුම්කර වංචාවට ලක්වූ අය මාධ්‍ය ආයතන පටන් ගත්තා. මේවා පටන් ගන්නේ තමන් කරපු වරද හෝදන්නයි. ජනතාවට සත්‍ය හෙළිදරව් කිරීම මාධ්‍ය වගකීමයි. තමුන්ගේ මඩ හෝදා ගන්න. තමන්ගේ මඬ හෝදා ගන්න මාධ්‍ය ආයතන පටන් ගන්න එකට මම විරුද්ධයි.

අද බොහෝ මාධ්‍ය ආයතනවල පිළිවෙත ජනතාවට සත්‍ය හෙළිදරව් කිරීම නෙවෙයි. අයිතිකාරයාගේ මතය ගෙන යෑමයි.

විදේශ මාධ්‍ය බලන්න. ඒවා ජනතාවට සත්‍ය වාර්තා කරනවා. ඒවා අයිතිකරුගේ රුචි අරුචිකම්වලට විකුණන්නේ නැහැ. විකෘති කරන්නේ නැහැ. පසුගිය දවස්වල මාධ්‍ය ආයතන ප්‍රධානීන් හත් දෙනකුට බෝනස් හතක් දුන්නා. සල්ලිවලට මාධ්‍ය ආයතනවලින් එකින් එකට පනිනවා.

සල්ලිවලට ගහෙන් ගහට පනින රිළව්ගේ තත්ත්වෙට පත්වූ මාධ්‍යවේදීන් ඉන්නවා. මේ ප්‍රකාශයට මට හෙණ ගහයි. එහෙත් මෙහෙම පැනලා කරන්නේ ඒකේ අයිතිකාරයා නි‍ෙදාස් කොට නිදහස් කරන්න ලියන එකයි.''

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top