Pasidol
Sathosa Ad Final Sinhala
Nov 13, 2016

ජනාධිපති, දියවැඩියාව දැනුවත් කිරිමේ පාගමනේ

දියවැඩියා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සංවිධානය කරන ලද දියවැඩියාව රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරිමේ පාගමන අද 13 උදෑසන  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

කොළඹ නිදහස් චතුරශ්‍රෙය් සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා පාගමන පැවැති අතර, ඊට පාසල් දරුවන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද එක්ව සිටියහ.

පාගමන අවසානයේ දියවැඩියා රෝගය පිළිබදව පැවැති පාසල් චිත්‍ර ප්‍රදර්ශණය ද ආරාධිත අමුත්තන් අතින් විවෘත විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, දියවැඩියා විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා ඇතුලු අතිවිශාල පිරිසක් ද එක්ව සිටියහ.

Pagamana

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top