Jul 12, 2017

SLTTI විධායක අධ්‍යක්ෂ තැන නිමල් ඒකනායකට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන නිමල් ඒකනායක මහතා ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

ඒ මහතා මීට පෙර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, සැලසිනෙ රූපවාහිනී ආයතනයේ සභාපති, චැනල් අයි හා සියත රූපවාහිනී නාලිකාවන්හි නාලිකා ප්‍රධානී හා fox Fm නාලිකාවේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු උක්දඬු ගින්න හා සොක්‍රටීස් (නව නිෂ්පාදනය) යන නාට්‍යයන්හි අධ්‍යක්ෂවරයා ද වේ.

එහි සභාපතිවරයා වන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා වන අතර සෙසු අධ්‍යක්ෂවරුන් ලෙස සෙනේෂ් බණ්ඩාර දිසානායක හා ප්‍රගීත් මානියංගමුව කටයුතු කරනු ලබයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top