OPEN

#

OPEN

#

සිසුන් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් නීති විරෝධිව රඳවා ගනිමින්, අතුරුදහන් කිරීමට සැකපිට සිසුන් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් නීති විරෝධිව රඳවා ගනිමින්, අතුරුදහන් කිරීමට සැකපිට
Jul 12, 2017

නාවික හමුදාවේ ලොක්කෙක් අත්අඩංගුවට Featured

නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී.කේ.පී. දසනායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

කප්පම් ලබාගැනීමේ අරමුනුන් යුතුව, 2008 වසරේ දී පාසල් සිසුන් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් නීති විරෝධිව රඳවා ගනිමින්, අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ඊයේ (11) ඔහු සැකකරු ලෙස නම් කළේය.

ඔහු විසින් පාඨමාලවක් හැදෑරීම සඳහා අමෙරිකාවට යාමට පසුගියදා අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබු අතර, එහි නියෝගය අද (12) ලබා දුන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දුන්නේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සිටිනා සැකකරුවෙකු වන බැවින් විදේශ ගත වීමට අවසර දිය නොහැකි බවය.

ඔහු දැනට වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

කෙසේ නමුත් ඔහු සැකකරු වශයෙන් නම් කර තිබෙන නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් අවශ්‍ය නැති බවත් අවශ්‍ය පොලිස් බලතල භාවිත කර ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top