Sathosa

Jul 13, 2017

'ආණ්ඩුව කොල්ලන්ගේ කලිසම් ගලවනවා' - මහින්ද

''ආණ්ඩුව පිං කැට කඩනවා මදිවට කොල්ලන්ගෙ කලිසම් ගලවගන්නවා'' යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පැවැත්වෙන ඇවන්ගාඞ් නඩු විභාගය සදහා අධිකරණය වෙත ඊයේ දිනයේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එබව කියා සිටියේය.

කලිසම් ගලවපු නිලධාරියාගේ වැඩ තහනම් :

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරග තුන නිමාවත් සමඟ එම ක්‍රීඩාංගණයේ සේවය කළ කම්කරුවන්ගේ කලිසම් ගලවා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව අද රැස්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ භාර කළමනාකරු ගොඩ්ෆ්‍රි දාබරේරා හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්‍ෂක කළමනාකරු කේ.එම්.එල්. සරත්චන්ද්‍ර යන මහත්වරුන් කටයුතු කරනු ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් එසේ ක්‍රීඩාංගණ සේවකයන්ගේ කලිසම් ගැලවීමට පියවර ගත් සූරියවැව ක්‍රීඩාංගණයේ සේවකයන් භාරව නිලධාරියා ලෙස කටයුතු කළ කිංස්ලි ජාගොඩ මහතාගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගත්තේය.

ඉහළ නිලධාරියකුගෙන් ආ බලපෑමක් !

තවද ඔහුට එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝග දෙන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විසින් බවට දැන් හෙළිවී ඇති අතර, ඔවුන්ටද එසේ නියෝග දෙන්නට සිදුවී ඇත්තේ ඊටත් ඉහළ නිලධාරියකුගෙන් ආ බලපෑමක් අනුව බවද පැවැසේ.

කෙසේ වෙතත් සූරියවැව ක්‍රීඩාංගණය භාරව ක්‍රීඩාංගණ කළමනාකරු ලෙස අනුර වීරසිංහ මහතා කටයුතු කරන අතර, ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරග දෙකෙන් පසුවද මේ ආකාරයෙන්ම ක්‍රීඩාංගණ සේවකයන්ට ලබා දී තිබූ ඇඳුම් නැවත ලබා ගැනීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මෙසේ අසාධාරණයට ලක්වූ අයට වන්දි මුදලක් ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top