Pasidol
Sathosa Ad Final Sinhala
Nov 13, 2016

කළුවන්චිකුඩි රෝහලේ විරෝධතාවක්

මඩකලපුව - කළුවන්චිකුඩි රෝහලේ පවතින සේවක හිඟයට විසඳුම් ඉල්ලා රෝහල් සේවකයෝ හා ප්‍රදේශයේ පොදු සංවිධාන රැසක නියෝජිතයෝ අද (13දා) විරෝධතාවක නිරත වූහ.

රෝහලට ඖෂධවේදී පුරප්පාඩු හයක් පවතින බවත් දිගු කලක සිට පවතින මේ පුරප්පාඩුව පිරවීමට අවශ්‍ය ඖෂධවේදීන් 34 දෙනෙකුට පුහුණුව ලබාදී ඇතත් ඉන් එක් පුරප්පාඩුවක් හෝ පිරවීමට බලධාරීන් කටයුතු කර නොමැති බවත් එහිදී ඔවුහු පැවසූහ.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා වැකි ප්‍රකාශ කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

(ජවුෆර්කාන්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top