Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jul 15, 2017

අපිම අරඹමු ඩෙංගු දුරලමු : අද නැකතට වැඩකරමු !

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ සියලුම මාධ්‍ය ආයතන, සියලුම ජංගම දුරකථන සමාගම් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ ඒකාබද්ධ වැඩසටහනේ දෙවැනි පියවර අද (15) ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අද පෙ.ව. 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සියලුම විද්‍යුත් මාධ්‍ය එකම වේදිකාවක සිට තම නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනක් පවත්වනු ලබයි.

මෙහිදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සිට සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන සහභාගිත්වයෙන් සිංහල භාෂා මාධ්‍යයෙන් ද, ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ දමිළ භාෂා මාධ්‍යයෙන් ද ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ පණිවුඩය සජීවී විකාශනයන් පසුගිය 12 වැනි දින සිදු කෙරිණි.  

මෙහි තෙවැනි අදියර යටතේ පාසල් හා කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම ඉලක්ක කර ගනිමින් ලබන 19 වන බදාදා දින ඩෙංගු ව්‍යසනය මර්දනය කිරීමේ වැඩසටහනක් සියලුම විද්‍යුත් මාධ්‍යයන්ගේ දායකත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

වීඩියෝ


dengubenner

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top