Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jul 17, 2017

IMF ණය සැප්තැම්බරයේ ගත හැක ! Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැපයීමට එකඟ වී තිබෙන ණය මුදලේ තුන්වැනි වාරිකය ලබන සැප්තැම්බරයේ නිදහස් කෙරෙනු ඇතැයි මූල්‍ය අරමුදල් ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

ණය සැපයීමට පෙර දේශීය ආදායම් පනත ඉදිරිපත් කිරීම, මහ බැංකු මූල්‍ය සංචිත වර්ධනය කිරීම ඇතුළු කොන්දේසි මාලාවක් සපුරන ලෙස මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට දන්වා තිබුණි.

දේශීය ආදායම් පනත මේවන විට මැතිසබයට ඉදිරිපත් කර ඇති අතර සෙසු ආර්ථික ප්‍රතිසංස්කරණද ආරම්භ කර තිබේ.

එබැවින් අමෙරිකානු ඩොලර් මිලියන 169කින් සමන්විත තෙවැනි ණය වාරිකය නිදහස් කිරීමට අදාළ යෝජනාව මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට සැප්තැම්බරයේ ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

එය අනුමත කළ වහාම ණය නිදහස් කෙරෙනු ඇත. එම අරමුදල් භාවිත කළ හැක්කේ මෙරට මහ බැංකුවේ මූල්‍ය සංචිත වර්ධනය කරගැනීමට පමණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top