Jul 20, 2017

'මම දුමින්ද හමු වුණේ බිස්නස් වැඩකට' - අජිත් රාජපක්ෂ

තමන් පසුගිය දිනයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක හමුවීමට ගියේ තමන්ගේ පුද්ගලික ව්‍යාපාර කටයුත්තකට බවත්, තමන් දේශපාලන කටයුත්තකට එහි ගිය බව පළකර තිබෙන මාධ්‍ය වාර්තා වල කිසිඳු සත්‍යක් නොමැති බවත් දකුණු පළාත් සභා මන්ත්‍රී  අජිත් රාජපක්ෂ මහතා පවසයි.

පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අම්බලන්තොට පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා මෙසේද සන්සහන් කළේය.

"මාධ්‍ය වල මා ගැන වැරදි ප්‍රවෘත්තියක්  පළ කරලා තිබුණා. ඒ ප්‍රවෘත්තිය නිවැරදි කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකසන්න තමයි මේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ.  මාධ්‍යයේ පළ කරලා තිබ්බා.."ඒකාබද්ධයෙන් ජනාධිපති පැත්තට එයි" එහෙම දෙයක් වුණේ නැහැ. ඒ නිසා මේක සම්පූර්ණ වැරදි ප්‍රවෘත්තියක්. මේකෙන් වෙන්නෙ අපි අමාරුවෙන් ගොඩනගා ගත්ත ජනතාවගේ විශ්වාසයට ලොකු හානියක් සිද්ධ වෙන‍ එක.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top