Jul 20, 2017

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයාට වෙඩි ප්‍රහාරයක් !

පාතාල නායකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයකු වන “චීටි” නැමැත්තාට අද (20) පස්වරුවේ ගොතටුව හංදිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මේ ප්‍රහාරය එල්ලකර ඇත.

චීටි නැමැත්තා හා පිරිසක් ගමන්ගත් ජීප් රථයකට මේ වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

පසුගියදා කළුතර බන්ධනාගාර බස් රථයක් තුළදී ඝාතනයට ලක්වූ කඩුවෙල සමයං නැමැති පාතාල නායකයාගේ ගෝලයකු වන කළු සාගර නැමැත්තාගේ ගෝලයන් විසින් මේ වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැකකෙරේ.

කළු සාගර බන්ධනාගාරයෙන් ඇප ලබාගෙන ඇත්තේ අද දිනයේදී බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top