Sathosa

Jul 21, 2017

'ආණ්ඩුවේ තුනෙන් දෙක සති දෙකකින් ඉවරයි' - ඩලස්‌

වත්මන් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය තවත් සති දෙකකින් අවසන් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඇතැම් අයට මෙම පුවත යටගැසීමට අවශ්‍ය නිසා බොහොම නිර්මාණශීලීව පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතා පිළිබඳ පුවත කරළියට ගෙන ඒමට උත්සාහ කරන බවද මන්ත්‍රිවරයා පැවසුවේය.

2015 අගෝස්තු 18 වැනි දින සිට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් වෙන් වන බවට ප්‍රවෘත්ති පළ වූ නමුත් කිසි විටෙක ඒකාබද්ධ විපක්ෂයේ වෙන්වීමක් සිදු නොවන බවත් රොෂාන් රණසිංහ මහතාගේ ඉවත්වීම ඒකාබද්ධ විපක්ෂයේ වෙන්වීමක් ලෙස ඇතැම් මාධ්‍ය පළකර තිබුණද එසේ කිසිදු ආකාරයක වෙන්වීමක් සිදු නොවූ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද අලහප්පෙරුම මහතා ඊයේ (20) බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top