Sathosa

Jul 21, 2017

'ඒ ශ්‍රීලනිප ඇමති එජාපයට එන්න නොකළ ඉල්ලීමක් නෑ'

ජාතික ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් දරන මහජන නියෝජිතයා වත්මන් ආණ්ඩුව බලයට පත් වූ මුල් යුගයේ දී එක්සත් ජාතික පක්ෂයට එක් වීමට නොකළ ඉල්ලීමක් නැතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා ගත් සියලු උත්සහයන් ව්‍යර්තවීමෙන් පසුව නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ගෙන දැන් ආණ්ඩුවටත් එක්සත් ජාතික පක්ෂයටත් පහර ගසන බව ඒ මහතා පැවසීය.

පෞද්ගලික අරමුණු ඉටු නොවීම නිසා මෙසේ කවුරුන් කෑ මොර ගැසුවද ජාතික ආණ්ඩුවේ මුළු නිල කාලයම ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යන බවද අමාත්‍ය අබේවර්ධන මහතා වැඩිදුරටත් කීය.

මෙම නියෝජ්‍ය ඇමතිවරයා පසුගිය මහ මැතිවරණ සමයේ එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් එජාපයෙන් තරඟ කිරීමට ද එකඟත්වය පළකර සිටි අයෙකි. ඔහු එම සම්බන්ධතා ඔස්සේ මලික් සමරවික්‍රම මහතාගෙන් විශේෂ වරප්‍රසාද ද ලබාගෙන තිබු බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top