Jul 21, 2017

SSP කෙනෙක් අත්අඩංගුවට ! Featured

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටි ඩී.ආර්.එල්. රණවීර මහතා බොහෝදුරට ඉදිරියේදී අත්අඩංගුවට ගනු ඇතැයි වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට සැරසෙන්නේ තාජුඩීන් ඝාතනය, රතුපස්වල වෙඩිතැබීමේ සිද්ධිය, වැලිකඩ වෙඩි තැබීමේ සිද්ධිය හා බියගම විලේජ් හිමිකරුගේ ඝාතනය ඇතුළු සිද්ධි කිහිපයකට ඔහුට එරෙහිව චෝදනා ඇතැයි වාර්තා වේ.

මොහුට එරෙහිව චෝදනා රැසක් ඇති බවත් මොහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව තිබුණේ මීට පෙර බවත් පැවසෙන අතර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස එකළ කටයුතු කිරීම නිසා එය වැලැකී ගිය බවයි.

කෙසේවුවද, මේ තත්ත්වය හේතුවෙන් ඔහු පසුගියදා පොලිස් පරීක්ෂණ හා පුනරීක්ෂණ කොට්ඨාසයට මාරුකර යැවූ බවයි.

මූලාශ්‍රය - රාවය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top