Sathosa

Jul 23, 2017

''යාපනයේ විනිසුරු ඉලක්ක කර තැබූ වෙඩිල්ලක් නොවේ“

යාපනයේ සිදුවූ වෙඩි තැබීම විද්‍යා ඝාතන නඩුව අහන මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතා ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක් නොවන බව ප්‍රකට දෙමළ ජනමාධ්‍යවේදියෙකු වන ගුරුපරන් මහතාගේ කර්තෘත්වයෙන් පළවන ග්ලෝබල් ටැමිල් නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරයි.

යාපනය නල්ලූර් මාර්ගයේ අද (22) සවස වෙඩි තැබීමක් සිදුවුණි. මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ යාපනය මහධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතා තම පවුලේ සාමාජිකයන් සමඟ එම මාර්ගයෙන් ගමන් කරමින් සිටි බවත්, සිද්ධිය සිදු වූ අවස්ථාවේ විනිසුරුවරයාගේ ආරක්‍ෂකයා වාහනයෙන් බැස වෙඩි තැබූ පුද්ගලයාව අල්ලා ගැනීමට තැත්කළ විට එකී පුද්ගලයා කළ වෙඩි තැබීමකින් ආරක්‍ෂක නිළධාරියා තුවාල ලබා ඇති බවත් එම වෙබ් අඩවිය කියයි.

මේ අතර, වෙඩි තැබූ පුද්ගලයා ආරක්‍ෂක නිළධාරියාගෙන් බේරී එම මාර්ගයේ පැමිණි යතුරු පැදියක් උදුරාගෙන පලා ගොස් තිබේ. වෙඩි තැබූ පිස්තෝලය ද දමා ගොස් තිබේ. සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

එබැවින් මෙම වෙඩි තැබීම විනිසුරු ඉලන්චෙලියන්ව ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් නොවන බවත්, මාර්ගයේ ගමන් කළ තරුණයෙකුව ඉලක්ක කර කළ වෙඩි තැබීමක් බව එකී වෙබ් අඩවිය වාර්තා කරයි.

(ලංකා ඊ නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top