Jul 26, 2017

වර්ජනය ඉවර නෑ : හවස ජනපති සමඟ සාකච්ඡාවක් : 16ක් අත්අඩංගුවේ

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සහ ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ඇතුළු 16ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා මහතා කියයි.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්‍යවශ්‍ය සේවා යටතේ සේවා සැපයීමට යාමේ දී බවද ඔහු කියා සිටී.

හවස ජනපති හා සාකච්ඡාවක්

අද (26) පස්වරු 6.30ට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ජනපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් සඳහා තම නියෝජිතයින් 15 දෙනකුට කැඳවීම් ලැබී ඇතැයි ද එතෙක් පෙරේදා (24) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය තවමත් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කරයි.

මේ අතර, වර්ජනයෙන් පසු කොළොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රයේ දුම්රියපොළින් පිටත්වූ මුල්ම දුම්රිය අද පස්වරු 3ට කටුනායක ගුවන්තොටුපළට ගිය බව එහි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top