Aug 01, 2017

"එක්වෙමු - සුරකිමු මව්කිරි නිරතුරු"

ලෝක සෞඛ්‍ය සංවිධානය හා WABA ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරන මව්කිරි  දීමේ සතිය අද (01දා) සිට මෙම මස (07දා) දක්වා පැවැත්වීමට නියමිතය.

25 වැනි වරට  පවත්වනු ලබන එහි තේමාව වී ඇත්තේ "එක්වෙමු - සුරකිමු මව්කිරි  නිරතුරු"යන්නයි.

තවදුරටත්  දරුවෙකුට මව්කිරි ලබාදීමේ වැදගත්කම තහවුරු කරනු පිණිස 2017 වර්ෂයේ "Sustaining Breastfeeding Together" යන තේමාව යටතේ මෙවර එය පැවැත්වීමට ලොව පුරා කටයුතු යොදා තිබේ. එම තේමාවට අනුගතව යමින් අප රටේ "එක්වෙමු සුරකිමු'මව්කිරි නිරතුරු" යන තේමාව සකස්කර ඇත.

දරුවෙකුගේ ජීවිතයේ ලැබෙන සුවිශේෂීම වරප්‍රසාදය වන මව්කිරි  දරුවාගේ අයිතිවාසිකමක්ද වන බැවින් මව්කිරි සුරක්ෂිත කිරීම වෙනුවෙන් මවකට පැවරෙන වගකීමකට සමාන වූ වගකීමක් සමාජයේ සියලුම දෙනාටද පැවරී ඇති බව මෙම වැඩසටහන මගින් අවධාරණය කෙරේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top