Sathosa

Aug 03, 2017

'අගමැතිතුමාව කොමිසමට ගේන්න ඉඩ දෙන්න එපා' - රවී

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා දේශපාලනික වශයෙන් අපහස කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බැවින්, ඊට එරෙහිව පෙළගැසෙන්නැයි විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඉල්ලීමක් කර ඇත.

තාමව මෙම සිද්ධියට ඇඳා ගැනීමද පැහැදිලිව දේශපාලන කුමන්ත්‍රණයක් බව රවී කරුනානායක මහතා එහිදී ප්‍රකාශකර තිබේ.

මෙම තත්වය තවදුරටත් ඉදිරියට වර්ධනය වුවහොත් එජාප ප්‍රධානින් බොහෝ දෙනෙකු කොමිසම හමුවට කැඳවා වැරදි අදහසක් සමාජගත කිරීමේ අවධානමක්  ඇතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා, ඒ හරහා පක්ෂය බේදභින්න කිරීමේ කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වන බව අවධාරණය කර ඇත.
‘Hon.PM’, ‘Get a copy from PM ?

කෙසේවුවද, මහ බැංකු බැදුම්කර මගඩියෝ චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ දුරකතන දත්ත විශ්ලේෂණයෙන් හෙලිව ඇති කරුණු අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැදුම්කර සිද්ධිය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවට කැදවීම සිදුවනු ඇති බව සමාජ ජාලා ඔස්සේ මත පල වෙමින් තිබේ.

අදාල දුරකතන දත්ත වාර්තාව අනුව ඇලෝසියස් විසින් යවන ලද කෙටි පණිවඩු කිහිපයකම ‘Hon.PM’, ‘Get a copy from PM’ ආදී වශයෙන් සදහන් වී ඇති අතර එහි PM ලෙස හදුන්වා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවටද සාකච්චා වෙමින් ඇත.

එමෙන්ම අදාල බැදුම්කර මගඩිය වන අවස්ථාවේදීද ශ්‍රී ලංකා මහ බැංකුව පැවතුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමාත්‍යංශය යටතේ වන අතර අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති කිරීමට කැබිනට් මණ්ඩලයේ විරෝදයක් ඇති වූ අවස්ථාවේදී අගමැතිවරයා විසින් තමන් වගකීම බාරගෙන ඔහු මහ බැංකු අධිපති ලෙස පත් කරන ලෙස කල යෝජනාව අනුව ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදු කරන ලදී.

ආණ්ඩුවේ පැවැත්මට අහිතකරයි !

කෙසේ වෙතත් අගමැතිවරයා මෙම කොමිසම හමුවට කැදවන්නේන නැද්ද යන්න සම්බන්ධයෙන් කොමිසම විසින් මේ දක්වා තීරණය කර නැති අතර යම් හෙයකින් එසේ වුවහොත් එය ආණ්ඩුවේ පැවැත්මටද ඉතා අහිතකර ලෙස බලපානු ඇති බව සමාජ ජාලා වාර්තා කරයි.

බැදුම්කර සිද්ධිය ගැන සොයන ජනාධිපති කොමිසම පත්කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top