Connect with us

පුවත්

උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ් (UPDATE)

Published

on

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා තවදුරටත් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි වරදකරුවකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.


(පෙර පුවත 2025 ජූනි 11 ප.ව.12.29 )

උපුල්දෙණිය යළි අධිකරණයට රැගෙන එයි

වැඩතහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමට නියමිතය.

සබැඳි පුවත්

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය ,

Continue Reading

පුවත්

සූකර උණ අවදානම ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පසුගිය 13 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදිය.

එම අති විශේෂ ගැසට් නිවේදනය මගින් ඌරන් අවදානම් සතුන් ලෙසද නම් කර තිබේ.

අප්‍රිකානු සූකර උණ රෝගය, පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පැතිරී ගිය බැවින් හා තවදුරටත් පැතිරීමට ඉඩ ඇති බැවින් මෙම පියවර ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.

ඒ අනුව කොට්ඨාශ භාර පශු වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් සහිත ඌරන්, ඌරු මස් හා එම නිෂ්පාදන, අසාදිත හා අවදානම් ප්‍රදේශ තුල හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම මෙන්ම අසාදිත සතුන් මස් පිණිස ඝාතනය හා අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොල පැවැත්වීම තහනම් වේ.

Continue Reading

පුවත්

මනුෂ්‍ය ඝාතන සිරකරුවන් නිදහස් කර ඇතැයි අනාවරණයක්

Published

on

By

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු  සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණ වී ඇතැයි වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය මහතා පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, සිරකරුවන් නිදහස් කිරිම සම්බන්ධයෙන්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ෂණවලදී ඒ බව තහවරු වූ බවය.

අධිකරණ අමාත්‍යාංශයේ නිළධාරින්ගෙන් කළ ප්‍රශ්ණ කිරිම්වලිදී  මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි වැඩිදුරටත් තහවුරු වී තිබේ.

ජනපති අනුමැතියෙන් තොරව රැදවියන් 247 දෙනෙකු අවස්ථා තුනකදී නිදහස් කර ඇතැයි, අනාවරණ වී තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ රැදවියන් පිරිස නත්තල් දිනය, නිදහස් දිනය වෙසක් සැමරුමට සමගාමීව නිදහස් කර ඇති බවයි.

අනුමැතිය සදහා ජනාධිපතිවරයාට ලේඛණය යොමු කරන දිනයත්, රැදවියන්ට නිදහස ලබා දෙන දිනයත් අතර කාලයේදී ජනපති පොදු සමාව ලබා දිය හැකි කොන්දේසී සපුරා ඇතැයි පවසමින් එම පිරිසට නිදහස දී ඇතැයි,විමර්ශන වලදී අනාවරණ වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved