Sathosa

Aug 08, 2017

'අගමැතිගේ ප්‍රකාශය අගය කරනවා' - බන්දුල

එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බවටත් හොරුන් ඉන්නවා නම් එජාපයෙන් ඉවත් කරන බවටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී කළ ප්‍රකාශය අගය කරන බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා, මීට පෙර සිටි එජාප නායකවරු හොරකම්වලට සම්බන්ධ වූ අය නඩු විභාග ලැබෙන තෙක් නොසිට තනතුරුවලින් ඉවත් කර තිබෙන බව අග්‍රාමාත්‍යවරයාට සිහිපත් කර දෙයි.

මන්ත්‍රිවරයා උදාහරණයක් ලෙස දක්වන්නේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හේවාහැට හිටපු මන්ත්‍රි අනුර ඩැනියෙල් මහතා රත්රන් පොලු ගෙන ඒමේ සිද්ධියකට සම්බන්ධ වීමෙන් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවයි.

ඒ අනුව ජයවර්ධන හිටපු ජනාධිපතිතුමාගේ බෑනනුවන් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ නායකත්වය ආදර්ශයට ගෙන, බැඳුම්කර චෝදනා එල්ලවී ඇති රවි කරුණානායක මහතාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙමින්  ඔහුගේ ප්‍රකාශය ඒ ආකාරයෙන්ම කඩිනමින් ඉෂ්ට කරනු ඇතැයි මුළු රටම බලාපොරොත්තුවෙන් සිටින බවද ගුණවර්ධන මහතා පැවැසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top