Pasidol
Sathosa Ad Final Sinhala
Aug 09, 2017

පාර්ලිමේන්තුවේ කතා වැඩි ස්වභාවික සම්පත් හා පරිසරය ගැනයි

මේ වසරේ ජූනි මස තුළ පාර්ලිමේන්තු කටයුතු සදහා වඩාත් සක්‍රිය ලෙස දායකත්වයක් ලබා දුන් මන්ත්‍රීවරුන් පිළිබදව සටහනක් manthri.lk වෙබ් අඩවියෙන් ඉදිරිපත් කර තිබේ.

අදාළ සටහනේ දැක්වෙන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 අතුරින් වඩාත් සක්‍රියම මන්ත්‍රීවරුන් පස්දෙනා අතරින් තිදෙනෙකුම අයත්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.

කෙසේවුවද, එහි පළමු ස්ථානය පක්ෂ දෙකකට හිමිව තිබීමද විශේෂිතය.

නැතිනම් එම ලයිස්තුවේ පළමු ස්ථානය එජාපයේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටත්, ජවිපේ සුනිල් හඳුනෙත්ති මහතාටත් හිමිව තිබේ.

තෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථාන පිළිවෙලින් එජාප සාමාජිකයන් වන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට හා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට හා ඒකබද්ධ විපක්ෂයේ (එක්සත් ජාතික නිදහස් සංධානයේ සාමාජික) මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හිමිවවී තිබේ.

එමෙන්ම 2017 ජූනි මාසය තුළදී පර්ලිමේන්තුවේ බහුලව සාකච්ඡාවට ලක්ව ඇති මාතෘකා පිළිබදව දත්ත ද ඉදිරිපත් කර තිබේ. ඒ අනුව බහුලව සාකච්ඡා කළ මාතෘකා පහත දැක්වේ.

1. ස්වභාවික සම්පත් හා පරිසරය            - 44%
2. අයිතිවාසිකම් සහ නියෝජනය           - 13%
3. යුක්තිය ආරක්ෂාව හා මහජන සාමය   - 8%
4. අධ්‍යාපනය                                     - 8%
5. ජාතික උරුමයන් හා මාධ්‍ය ක්‍රියා        - 7%

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top