Sathosa

Aug 10, 2017

'ආවා' ප්‍රධානියා ඇතුළු 7ක් ඇතුළට (update)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් යාපනයේ “ආවා කල්ලියේ“ ප්‍රධානියා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අගෝස්තු මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

යාපනය මහේස්ත්‍රාත් උසාවිය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

පසුගිය අගෝස්තු 7 වන දින මෙම සැකකරුවන් අත්අඩංගුවට පත් විය.

මේ අතර අද(10දා) සහ ඊයේ(09දා) දිනයන්හි  ද ආවා කල්ලියේ සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

update- 11.50am

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

තවත් 'ආවා' තුනක් අල්ලයි

ආවා කල්ලියට අයත් තවත් සැකකරුවන් තිදෙනෙකු චුන්නාකම් පොලිස් වසමේ මල්වම් කනත්ත අසලදී ඊයේ (09දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලීසිය වාර්තා කරයි.

ඒ අනුව අත්අඩංගුවට  මානිප්පායි ප්‍රදේශයේ පදිංචි තුරෙයිසිංහම් රාජ් කුමාර් නොහොත් අජිත් කුමාර්, එම ප්‍රදේශයේම පදිංචි රවිචන්ද්‍රන් ස්ට්‍රාලිංටන් නොහොත් එස්.ආර්. සහ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණපිල්ලේ කිරුබාකරන් නොහොත් කිස්බා යන පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට  පත්ව ඇත.

මේ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් අද (10දා) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිදුවීම සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top