Pasidol
Sathosa Ad Final Sinhala
Aug 10, 2017

මත්ද්‍රව්‍ය සමඟ ගල්කිස්සේදී ඇල්ලූ අය 24 දා තෙක් රිමාන්ඩ්

පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන අගෝස්තු 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා අද (10) නියෝග කළේය.

එහිදී සැකකරු සන්තකයේ තිබී ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සඳහා දැනට පවරා ඇති නඩුව ඉදිරියට රැගෙන යන බවත්,  ඔහුගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් වැඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණයට මීගමුව අධිකරණයේ නඩු පවරණ බවත් එහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ගල්කිස්සේදී සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගත් අවස්ථාවේ අදාළ මෝටර් රථයේ සිටි මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී ඇතුළු තිදෙනාට චෝදනා නොවන බවද පොලිසිය එහිදී අධිකරණයට දන්වා සිටියේය.

මේ නඩුව ලබන අගෝස්තු 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top