Pasidol
Sathosa Ad Final Sinhala
Aug 10, 2017

ඇමති රවී මන්ත්‍රී රවී වෙයි ! (update)

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විදේශ කටයුතු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය.

නීති විරෝධී අයුරින් තමා මුදල් උපයා නොගත් බවත්, තම දේශපාලන දිවියේදී මුදල් ඉපයීමට යොදානොගත් බවත් කරුණානායක මහතා එහිදී කීය.

තමා දේශපාලනයට රැගෙන ආ ලලිත් ඇතුළත්මුදලි මහතා මෙරට අභිවෘද්ධියට විශාල වැඩක් කළත්, ඔහුටද නැව් ගිල්ල ලලිත් යැයි ඇතැමුන් කී බවත්, කෙසේවුවද, තමා දේශපාලනයට එනවිට ද ව්‍යාපාරිකයෙක් බවත් තමාගේ පෞද්ගලික ධනය පවා දේශපාලනයට වියදම් කළ බවත් ඔහු කීය.

තමා මේ තීරණය ගත්තේ දුකෙන් හෝ කම්පාවෙන් නොවන බවද කී හෙතෙම මේ තීරණය ගත්තේ ආඩම්බරයෙන් බවද ඔහු කියා සිටියේය.

තම පක්ෂය හා රට වෙනුවෙනුත්, නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙනුත්, තම පාක්ෂිකයන් වෙනුවෙනුත් තමන් මෙම තීරණය ගන්නා බවත් ඔහු කීය.

"ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරවි” යැයි සිය ඉල්ලා අස්වීමේ ප්‍රකාශකරමින් කරණානායක මහතා අවසන් වශයෙන් කියා සිටියේය.

විශේෂ ප්‍රකාශය කර ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වූ කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස අසුන්ගත්තේය.

update-14.15pm

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

රවී කරුණානායක පාර්ලිමේන්තුව අමතයි

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මේ වන විට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top